― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනොටන්බ්‍රිජ් බස් රථ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

නොටන්බ්‍රිජ් බස් රථ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ශ්‍රී පාද වන්දනාවට ගොස් ආපසු මහරගම බලා එමින් තිබියදී අනතුරට පත් බස් රථයේ සිටි තරුණියන් 02 නෙකු එම අනතුරෙන් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ රාත්‍රී සිදු වූ මේ අනතුරෙන් තුවාල ලැබූ ගණන 26 ක්. ඔවුන්ගෙන් බරපතල තත්වයේ පසුවූ 05 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලේ සිට නාවලපිටිය දිස්ත්‍රික් රෝහලටත් අනතුරුව පේරාදෙණිය හා මහනුවර මහ රෝහල්වලටත් මාරු කර යවා තිබුණා.

අනතුරට පත්වන විට බස් රථයේ 30 දෙනෙකු සිට ඇති අතර ඉන් තරුණියන් දෙදෙනෙකු පමණක් සුළු තුවාල ලබා තිබූ අතර සෙසු සියලු දෙනා තුවාල ලබා රෝහල්ගත කළා.

මෙම බස් රථය ඊයේ රාත්‍රී 9.15 ට පමණ නොටන්බ්‍රිජ් – දියගල මාර්ගයේ උලන්වන්ගුව ප්‍රදේශයේදී අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරට ලක්වුණා.