― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅධිචෝදනා බාර ගත් සරණ ගුණවර්ධනට ඇප

අධිචෝදනා බාර ගත් සරණ ගුණවර්ධනට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළා.

ඒ, අනුව සරණ ගුණවර්ධන රුපියල් 30,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළා.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණය නියම කළා. 2006 අගෝස්තු මස 01 වනදා සිට 2007 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන තුනක් අවභාවිත කිරීමත් තුළින් රුපියල් 3510000 ක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.