― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅභිරහස් ලෙස මියගිය දරු දෙදෙනෙකුගේ සිරුරු තේ වත්තකින් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය දරු දෙදෙනෙකුගේ සිරුරු තේ වත්තකින් හමුවෙයි

කුරුවිට පොලිස් බලප්‍රදේශයට අයත් රත්නපුර ශාන්ත ජෝකිම් වතුයායේ පිදිංචිව සිටි වයස අවුරුදු එක හමාරක හා වයස අවුරුදු හතක පිරිමි දරුවන් දෙදෙනකු ඝාතනය කර ඔවුන් පදිංචිව සිටි නිවස ආසන්නයේ තේ වත්තක දමා තිබියදී සොයාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මළ සිරුරු තිබූ ස්ථානය ආසන්නයෙන් වැඩට යමින් සිටි අයකු දැක ඇති අතර ඒ බව කුරුවිට පොලිසියට හා ප්‍රදේශවාසීන්ට දැන්වීමෙන් පසු ඊයේ (19) දහවල් සොයාගත් බවයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු හතක් වයසැති ගජෙන්ද්‍රකුමාර් සර්වනාද් හා වයස අවුරුදු එකහමාරක් වන ගජේන්ද්‍රකුමාර් නිෂාද් යන කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකි.

පොලීසිය සැක පළ කරන්නේ මෙම දරුවන් දෙදෙනා යම් අයෙකු විසින් ඝාතනය කර තේ වත්තේ දමා ඇති බවයි. එමෙන්ම කුරුවිට පොලිසිය විසින් මෙම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති අතර දරුවන්ගේ මව වන විසි නව හැවිරිදි කාන්තාව දරුවන් දෙදෙනා සමග 19 වැනිදා පාන්දර 3.30ට පමණ පිටත්ව ගොස් ඇති බවත් මෙම ඝාතනය මව විසින් සිදුකරන්නට ඇති බවට විශාල සැකයක් ඇති බවයි එම දරුවන්ගේ සීයා හා නැන්දණිය පවසන්නේ.

මෙම කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය පොලිසියට පවසා ඇත්තේ 19 වැනිදා පාන්දර සිය දරුවන් දෙදෙනා ළිදේ වැටී සිටියදී ගොඩට ගෙන තේ වත්තෙන් තැබූ බවයි.

ඊයේ පස්වරුව වනවිටත් මෙම දරුවන් දෙදෙනාගේ පියා වන 30 හැවිරිදි පුද්ගලයා නිවසින් අතුරුදන්ව සිටි සිය බිරිඳ හා දරුවන් දෙදෙනා ගැන තොරතුරුක් සෙවීමට මෙම කාන්තාවගේ මවගේ නිවස පිහිටි දැරණියගල ප්‍රදේශයට ගොස් තිබූ අතර දරුවන්ගේ මරණය අසා ඔහු මෙම ස්ථානයට පැමිණ ඇත.