― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුවන් ගමන් පාලකවරුන් 50ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

ගුවන් ගමන් පාලකවරුන් 50ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

ගුවන් ගමන් පාලකවරුන් රට හැරයාම නිසා ඇතිව තිබෙන පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 50 දෙනෙකු පුහුණුව සඳහා බඳවා ගන්නැයි උපදෙස් ලබා දී තිබේ.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල විසින් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියට මේ බව දැනුම් දී තිබෙනවා.

පුහුණු කටයුතු සඳහා දැනට පවතින තාක්ෂණික ගැටළුවලට අවශ්‍ය සියළු මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ගුවන් සේවා සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ අනුව අප්‍රේල් මස 01වනදා වනවිට ගුවන් ගමන් පාලකවරුන් 50දෙනා පුහුණුව සඳහා බඳවා ගැනීමටයි නියමිතව ඇත්තේ.