27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපයාගල කාන්තාවන්ට හිසරදයක් වූ 'පොඩ්ඩේ' අත්අඩංගුවට

පයාගල කාන්තාවන්ට හිසරදයක් වූ ‘පොඩ්ඩේ’ අත්අඩංගුවට

පයාගල ප්‍රදේශයේ කාන්තාවන් පමණක් ජීවත්වන නිවාසවලට ඇතුළු වී එම කාන්තාවන් බියගන්වා තර්ජනය කර ලිංගික අඩන්තේට්ටම් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘පොඩ්ඩේ’ නමින් හඳුන්වන අදාළ සැකකරු පයාගල ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් පෙරේදා (19) කල්පිටිය ප්‍රදේශයට ගොස් එහි සිට මුහුදු මාර්ගයෙන් රටින් පළායාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්වැසියන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ 37 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය මීට පෙර උත්සාහයන් කිහිපයක්ම ගෙන ඇති අතර එම උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

පයාගල පොලිස් වසමට අයත් රාගලවෙල, කටුකුරුඳුගහලන්ද, දේවාල කන්ද, අක්කර අසූව වේරගල යන ප්‍රදේශවල තනිව ජිවත් වූ කාන්තාවන්ට සැකකරු විසින් අමානුෂික ලෙස ලිංගික හිංසනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලැජ්ජාව හේතුවෙන්, සැකකරුගෙන් සිදු වූ හිංසනයන් අනාවරණය කිරීමට ඇතැම් කාන්තාවන් කටයුතු කර නොමැති බවටද තොරතුරු වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.