26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු සියදිවි නසාගනී

පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු සියදිවි නසාගනී

පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ මළසිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන මියගිය සිසුවා තරුණියක සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එම සම්බන්ධය නතර කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

විශ්වවිද්‍යාලයට යාමට පහසු වන පරිදි සිසුවාගේ ඔහුගේ පියා විසින් පන්නිපිටිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ නවතා ඇති අතර මෙම සිද්ධිය වී ඇත්තේ ඔහු රැඳී සිටි එම නිවසේ කාමරයේ දීයි.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් සිය ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ යොමුකර, තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපයක් ද යවා ඇතැයි සඳහන්.

ඒ අනුව එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දීමට පියවර ගැනීමෙන් අනතුරුව පියා ඇතුළු ඥාතීන් පැමිණ සිසුවා නේවාසිකව සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සිසුවෙක්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.