― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුකුළෙකුගේ ප්‍ර+හාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කුකුළෙකුගේ ප්‍ර+හාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කුකුළෙකු විසින් පුද්ගලයෙකු මරා දැමීමේ සිදුවීමක් අයර්ලන්තයෙන් වාර්තා වනවා.

එම පුද්ගලයාට අයත් ගොවිපළෙහි සිටි “ආක්‍රමණශීලී” කුකුළෙකු විසින් මෙම පුද්ගලයා මරා දමා ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

මරණයට හේතුව සොයා බැලීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ඔහුට බ්‍රහ්ම කුකුළෙකු පහර දීම හේතුවෙන් මියගොස් ඇති බවටයි.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර මරණ පරීක්‍ෂණයේ ප්‍රතිඵල අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මේ සතියේ යි.

එම ප්‍රදේශයේම වෙසෙන පුද්ගලයෙකු අධිකරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ මෙම හදිසි සිදුවීම ගැන දැනගත් තමා මෙම පුද්ගලයාගේ නිවසට පැමිණි බවත් ඔහු සිහි නොමැතිව වැටී සිටින ආකාරය දුටු බවයි.

රුධිරය ගොඩක් මැද මුළුතැන්ගෙයි බිම වැටී සිටි ඔහුගේ එක් පාදයක පිටුපස තුවාලයක් තිබූ බවත් අසල්වැසියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

නිවසේ සිට එළිමහනේ කුකුල් කොටුවක් දක්වා ලේ ගලමින් තිබූ බවයි එම අසල්වැසියා ප්‍රකාශ කර ඇත්තේ.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ශික්ෂණ රෝහලක් වෙතට යොමු කර තිබූ බව සඳහන්.

මෙම පුද්ගලයා කෑ ගසන ශබ්දය අසා පැමිණි අසල්වැසියා සඳහන් කර ඇත්තේ තම මිතුරා ට සිහිය එන විට ඔහු “කුකුළා” යන වචනය ප්‍රකාශ කළ බවයි.

මියගිය පුද්ගලයාගේ මුහුණ වියළි රුධිරයෙන් වැසී තිබූ අතර, ඔහුගේ මුහුණේ කිසිදු කැපුමක් නොතිබූ බවත්, ඔහුගේ මරණයට හේතුව මාරාන්තික හෘදයාබාධයක් බවටයි මරණ පරීක්‍ෂණයේදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දියණිය සඳහන් කර ඇත්තේ පියා හෘදයාබාධ තත්වයකට ද මුහුණ දී සිටි අතර ඔහුට වකුගඩු ආබාධයක් ද පැවති බවයි.

ඇය නිවසට ළඟා වූ විට, බිම පුරා රුධිරය දුටු අතර තම පියාගේ මරණයට හේතුව වූයේ කුකුළා විය යුතු බව තමාට වැටහුණු බව ද ඇය සඳහන් කර තිබෙනවා.

නියපොත්තේ ලේ ඇති කුකුළෙකු තමා දුටු බවත් තම පියාට පහර දුන්නේ එම සත්වයා බවට සැක කරන බවයි දියණිය හෙළිකර ඇත්තේ.

එමෙන්ම එම කුකුළා මීට පෙර තම දියණියට ද පහරදී ඇති බව ඇය සඳහන් කළා.