― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldරුසියාවට ජය ගැනීමට ඉඩ දෙන්නේ නෑ - ඇමරිකානු ජනාධිපති

රුසියාවට ජය ගැනීමට ඉඩ දෙන්නේ නෑ – ඇමරිකානු ජනාධිපති

රුසියාව යුද්ධය නතර කළහොත් පමණක් තම රට ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව යුක්රේනයට දක්වන සහය නතර වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පෝලන්තයේ දේශනයකට එක්වෙමින්.

යුක්රේනයේ හදිසි සංචාරයක නිරතව දිනකට පසුව ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම දේශනයේදි ජනාධිපතිවරයා අවධාරණය කළේ කිසිදා රුසියාවට ජය ගැනීමට ඉඩ නොදෙන බවයි.

එමෙන්ම රුසියාවට එරෙහිව යුද වැදීම සඳහා යුක්රේනයට නේටෝ සාමාජික රටවල් තවදුරටත් සහය ලබාදෙන බවයි ඔහු එහිදී කියා සිටියේ.