― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද පැවැත්වෙන විරෝධතාවට අධිකරණ නියෝගයක්

අද පැවැත්වෙන විරෝධතාවට අධිකරණ නියෝගයක්

අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

උද්ඝෝෂකයින් පිරිසක් කොටුව ප්‍රදේශයට එක් රැස් වී පා ගමනින් විවිධ මාර්ගවලින් ගොස් ජනාධිපති කාර්යාලය ඇතුළු වෙනත් ගොඩනැගිලිවලට ඇතුළු වීමට සැලසුම් කරන බවට කොටුව පොලිසියට ලැබුණු තොරතුරු මත එය තහනම් කරන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව උද්ඝෝෂණයක් පැවැත්වුවහොත් උද්ඝෝෂණකරුවන් සහ මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්වයක් මතු වී මහජන පීඩාවක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාලීම සඳහා සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.