― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋතුරේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනපතිට වාර්තාවක්

උතුරේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනපතිට වාර්තාවක්

උතුරු පළාතේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශය ඇතුළත් වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

එම කොමිසමේ සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් කොමසාරිස් අනුසූයා ෂන්මුගනාදන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් උතුරු පළාතේ මානව හිමිකව් තත්වය පරීක්ෂා කිරීමේ චාරිකාවක් පසුගිය 16,17 සහ 18 දිනවල සිදු කරනු ලැබුවා.

එහිදී සිදු කළ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් වාර්තාවකුයි ජනාධිපතිවරයා වෙත භාරදී ඇත්තේ.

මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ගේ මෙම සංචාරය සිදුවූයේ යාපනය සහ මන්නාරම නගර කේන්ද්‍ර කර ගනිමින්.

මෙම සංචාරයේදී මූලිකව අංශ 3ක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා ස්වේච්ඡා පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ඇති කිරීම,

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම්, මුහුදු මාර්ගයෙන් සිදුවන ජාවාරම් කිරීම් සහ උතුරු පළාතේ පොලිසිය සහ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මාර්ග පරීක්ෂා කිරීමේ ස්ථාන සහ පවතින මාර්ග බාධක සම්බන්ධයෙන් විමසා බැලීම,

සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාවක් ඇති කිරීම, දීර්ඝ කාලීනව රැඳවියන් සහ අතුරුදහන් වූවන් පිළිබඳ විමසා බැලීම,

එම කරුණු 3යි.

මෙම සංචාරයේදී මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් විසින් පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින්, උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, අතුරුදහන් වූ සහ දීර්ඝ කාලීන රැඳවියන්ගේ නියෝජිතයින් සහ එම පවුල්වල සාමාජිකයන් ද මුණගැසී තිබෙනවා.

එහිදී අදාළ පාර්ශව විසින් ඉදිරිපත් වූ කරුණු සහ ගැටළු පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් වා්රතාව අද ජනාධිපතිවරයාට භාරදුන් බවයි මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.