― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබස්වල නැගී දේශපාලන රැස්වීම්වලට ගිහින් රට සංවර්ධනය කරන්න බෑ

බස්වල නැගී දේශපාලන රැස්වීම්වලට ගිහින් රට සංවර්ධනය කරන්න බෑ

බස්වල නැගී දේශපාලන රැස්වීමට යාමෙන් රට සංවර්ධනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි උද්ධික ප්‍රේමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ පැවසුවා,

“යල් පැන ගිය දේශපාලන සංස්කෘතියෙන් දැන් මිදෙන්න කාලය හරි. මේ දේශපාලන සංස්කෘතිය මිනිස්සුන්ගේ මනසින් මැර්ලා ඉවරයි. මේ පැරණි දේශපාල සංස්කෘතියට රට ඉදිරියට අරන් යන්න බැරි බව ඔප්පු වෙලා ඉවරයි.රැස්වීමට එක්කරගෙන යන්න බස් එනවා ගමට. රැස්වීම පුරවන්න අවශ්‍ය කරන් සෙනග ගොඩට එකතු වෙන්න එපා. බස් එකේ නැග්ගොත් අපිට මේ දේ කරන්න බෑ. හරී දේශපාල සංස්කෘතියක් රටට හඳුන්වා දෙන්න බෑ. බස්එකේ නැගලා ගිහිල්ලා ප්යවේවා කියලා කෑ ගහලා නැවතත් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ලයිට් බිල වැඩි වෙලා ආයෙත් අපේ ප්‍රශ්න ටිකට අපි කොටුවෙලා.

අපි ජයවේවා කියලා කෑ ගහන කොට වේදිකාවේ උඩ ඉන්න අයගේ ප්‍රශ්න තමයි විසඳුනේ. ඒ අය තමයි හැමදාමත් සතුටින් හිටියේ. ඒ අය විතරක් සතුටින් හිටියාව ඇති. රටේ මිනිස්සු ඉදලා හිටලා සතුටු වුණාම ඇති.ඒ නිසා බස්වල ගිහින් තමන්ගේ කාලය, ධනය, මන්සිය වැය කරන එක කරුණාකරලා නතර කරන්න. නතර කරලා මේක අලුත් තැනකින් පටන් ගන්න විවේකයක් දෙන්න .මේ රටට රැස්වීම්වලට ගියා කියලා මේ රට හදන්න බෑ”