26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තුවේදී පොල් මිල පහළට

මාර්තුවේදී පොල් මිල පහළට

මාර්තු මස වනවිට වෙළෙඳපොළේ මේ වනවිට ඉහළ ගොස් ඇති මිල අඩු වනු ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි මාධවී හේරත් පැවසුවාය.

ඇය අවධාරණය කළේ පොල් ගෙඩි මිලියන තුන්දාස් තුන්සීයක අස්වැන්නක් මෙම වසරේ බලාපොරොත්තු වන බැවින් පොල් අස්වැන්න ලැබීම යථා තත්ත්වයට පත්වීමෙන් පසු නැවතත් පොල් මිල පහත යනු ඇති බවයි.

සෑම වසරකම මෙම කාලසීමාව වන විට පොල් මිල යම් මට්ටමකට ඉහළ යාමක් සිදුවන බවත් මෙම කාලය තුළ ලැබෙන පොල් අස්වැන්න පහත වැටීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යාමක් සිදුවන බවයි ඇය පැවසුවේ.