23.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාල පෙට්‍රල් ටොන් 1000ක් නිසා සංස්ථාවේ අවුලක්

බාල පෙට්‍රල් ටොන් 1000ක් නිසා සංස්ථාවේ අවුලක්

ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙට්‍රික් ටොන් දහසක් පමණ තෙල් සංස්ථාව තුළ මේ වන විට ගොඩගැසී ඇතැයි තෙල් වරාය විදුලි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

බොරතෙල් පිරිපහදු කිරීමේදී නියම ප්‍රමිතියෙන් බාල පෙට්‍රල් නිෂ්පාදනය වී නැතැයි එහි එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවා.

සපුගස්කන්ද පිරිපහදුව වසා දමා නැවත විවෘත කළ මුල් අවස්ථාවේදී නිෂ්පාදනය වී ඇත්තේ මෙසේ ඔක්ටේන් අගය නියමිත ප්‍රමාණයෙන් නොමැති පෙට්‍රල් බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම පසුගිය කාලයේ දී ප්‍රමිතියෙන් තොර බොරතෙල් පිරිපහදු කිරීම නිසාද බාල පෙට්‍රල් තොග විශාල වශයෙන් නිෂ්පාදනය වී තිබෙන බවත් මෙම පෙට්‍රල් තොග වල ඔක්ටේන් අගය 80ත්-90ත් අතර ප්‍රමාණයක පවතින බවටත් හෙතෙම කියා සිටිනවා.