― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews5G තාක්ෂණය ළඟදීම ලංකාවට

5G තාක්ෂණය ළඟදීම ලංකාවට

කොළඹ නගරය ස්මාර්ට් නගරයක් බවට පත්කිරීමට අවශ්‍ය සහය සහ ස්මාර්ට් තාක්ෂණය තාක්ෂණ අමාත්‍යාංශයෙන් ලබාදෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග දෙකක් මත ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

පරිසරයට හානියක් නොවන පරිදි අනෙකුත් රටවල් සමඟ සහයෝගයෙන් එම කටයුතු සිදු කරන බව ඔහු පැවසීය

නව ආයෝජන ගලා ඒමත් සමඟ 5G තාක්‍ෂණය මේ වසර අවසන් වන විට හඳුන්වා දී සක්‍රීයව ක්‍රියාත්මක කරන බවත්, මෙම තාක්‍ෂණය දැනටමත් සමහර ස්ථානවල ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.