― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව ක්‍රමයක්

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව ක්‍රමයක්

දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000ක් දහනය කර විනාශ කිරීමට නව නීත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විදේශීය රටවල්වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය එවනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට ද පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.