― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගර්භණී මවුවරුන් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

ගර්භණී මවුවරුන් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

ගර්භණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී සෑම මිනිත්තු දෙකකට වරක් එක් කාන්තාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරයි.

2016 සිට මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කිරීමට කටයුතු කර ඇත්තේ ලෝකයේ රටවල් ස්වල්පයක් බව නවතම දත්ත මඟින් පෙන්නුම් කරයි. 2000 සිට 2015 දක්වා කාලය තුළ මාතෘ මරණ අවම කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති වුවද එය 2016 සිට 2020 දක්වා වූ වසර පහ තුළ එය ඇණහිට තිබේ.

එමෙන්ම සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශයක් නොමැතිව ලොව පුරා මිලියන ගණනක් මෙම ඛේදජනක ඉරණමට ගොදුරු වන බව ඔවුන් සඳහන් කරයි. 2016 සිට 2020 අතර කාලය තුළ, එක්සත් ජාතීන්ගේ කලාප අටෙන් දෙකක මාතෘ මරණ ඉහළගොස් තිබේ.

මෙම කලාප දෙක වන්නේ යුරෝපය, උතුරු ඇමරිකාව සහ ලතින් ඇමරිකාව, කැරිබියන් දූපත් වන අතර එම අගය සටහන් වන්නේ සියයට 17ක් සහ 15ක් ලෙසයි. නමුත් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මාතෘ මරණ අනුපාතය සියයට 35 කින් පහත වැටී ඇති අතර දකුණු ආසියාවේ එය සියයට 16 කින් පහත වැටී තිබේ.

#aruna