― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාඨලීගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක්

පාඨලීගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක්

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපති ලෙස අදාළ ලිපිය යොමුකර තිබේ.

භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමට යෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇති බවද එම ලිපියෙන් පෙන්වා දෙයි.

අනාගතයේ ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවෙන බවත් එයට වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බවද පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

ඒ අනුව එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායිකරණ වැඩපිළිවෙල අවුල්වීමට ඇති ඉඩකඩ වැඩි බවද ඔහු සඳහන් කරයි.

#aruna