27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ භූ චලනය ගැන ලංකාවටත් රතු එළි

ඉන්දියාවේ භූ චලනය ගැන ලංකාවටත් රතු එළි

ඉන්දියාවේ දැවැන්ත භූ චලනයක් සිදු වුවහොත් එය කොළඹ නගරයට බලපෑමේ ඉඩ ප්‍රස්ථාව වැඩි බව භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය.

ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් යන ප්‍රාන්තවල එළැඹෙන සතියේදී රිච්ටර් පරිමාණ අටක් පමණ විශාලැති භූ චලනයක් සිදුවිය හැකි බවට ඉන්දියාවේ භූ චලන විමර්ශන ආයතනය අනතුරු අඟවා තිබේ.

රිච්ටර් පරිමාණ අටක භූ චලනයක් ඉන්දියාවේ සිදුවුවහොත් එය අනිවාර්යයෙන්ම කොළඹට බලපාන බවත් මීට වසර දෙකකට පමණ පෙරදී ඉන්දියාවේ, හිම්චාල් ප්‍රදේශයට පහළින් පිහිටි නගරයක රිච්ටර් පරිමාණ පහක පමණ භූ චලනයක් සිදුවූ බවත් එහිදී කොළඹ නගරයේ ගොඩනැගිලි සෙලවීමකට ලක්වූ බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.

මෙලෙස විශාල භූමි කම්පාවක් සිදු වුවහොත් ඉන්දියාවේ වසර සියයක්, එකසිය පනහක් පමණ පැරණි ගොඩනැගිලිවලට යම් බලපෑමක් එල්ලවීමේ අවදානම වැඩි බවද ඔහු පැවසීය.