26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහලේ ICU නැවතත් කොවිඩ් රෝගීන්ට

ජාතික රෝහලේ ICU නැවතත් කොවිඩ් රෝගීන්ට

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවතත් කොවිඩ් රෝගීන්ට වෙන් කිරීමට සිදුව ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

දෛනිකව පැමිණෙන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහලේ සිදුකරන සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ද අඩු වී ඇති බව ඔහු පැවසුවේය.

“නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් -19 රෝගය විශාල වශයෙන් පැතිරෙන බව අපිට පෙනී ගිහින් තියෙනවා. මං හිතන්නේ ලංකාවේ විශාල ප්‍රමාණයක් එන්නත්කරණය වෙලා තියෙනවා. එන්නත්කරණය ලබාගෙන තිබුණත් අපි පරිස්සම් වීම ඉතාම වැදගත්. මොකද පරිස්සම් වුණේ නැත්නම් එන්නත්කරණය කරලා තිබුණත් යම්කිසි ප්‍රමාණයක අවදානමක් තියෙනවා අපිට කොවිඩ් -19 රෝගය වැලඳීමට. අද වෙනකොට ජාතික රෝහලට කොවිඩ් රෝගීන් ඇතුළුවීමේ වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. රෝහල පහුගිය කාලයේ කොවිඩ් -19 අයින්වෙලා නැවත වතාවක් සාමාන්‍ය රෝගීන්ට සාමාන්‍ය ශල්‍යකර්මවලට ප්‍රතිකාර කිරීම ආරම්භ කරා. දැන් නැවත වතාවක් සාමාන්‍ය ශල්‍යකර්මවලට තියෙන ප්‍රමුඛතාවය අඩු කරලා, කොවිඩ් -19 රෝගීන් බලාගැනීමටත් එම රෝගීන්ට දැඩි සත්කාර ඒකක වෙන්කිරීමටත් සිදුවෙලා තියෙනවා.”