29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ට මිලියන 3.4ක ආධාර

ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ට මිලියන 3.4ක ආධාර

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ අවධානය යොමු වී ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

ලෝක ආහාර වැඩසටහන අද නිකුත් කළ යාවත්කාලීන වාර්තාවක මේ බව සඳහන් වේ.

මීට පෙර 2022 දෙසැම්බරයේ සිදු කරන ලද ගෘහස්ථ ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයකින් හෙළි වූයේ කුටුම්භවලින් සියයට 33ක් ආහාර අනාරක්ෂිත බවයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජනවාරි මාසයේදී කොළඹ නාගරික ප්‍රදේශවල ආහාර උද්ධමනය සියයට 60.1ක් වූ බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

මෙම තත්ත්වය තුළ ලෝක ආහාර වැඩසටහන නිවේදනය කර ඇත්තේ පොදු ආහාර බෙදා හැරීම, පාසල් ආහාර සහ පෝෂණ ආධාරය හරහා මිලියන 3.4 ක ජනතාවකට උපකාර කිරීමට සැලසුම් කර ඇති බවයි.