28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියා – යුක්රේන යුධ උණුසුම ඉහළට

රුසියා – යුක්රේන යුධ උණුසුම ඉහළට

වහාම ඉවත්වන්නැයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යුක්රේනයේ පිහිටි තම තානාපති කාර්යාලයේ සේවකයන්ගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.

ඒ කලාපයේ යුධ උණුසුම ඉහළයාමත් සමග තානාපති කාර්යාලයේ සිටින අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ඉවත්වන ලෙසයි දන්වා ඇති අතර
රටින් බැහැරවීම පිළිබඳ සළකා බලන ලෙසද ඔවුන් යුක්රේනයේ සිටින තම පුරවැසියන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමකට සූදානම් වන බවට වාර්තා වීම මීට ප්‍රධාන ලෙස් සැලකේ. රුසියාව එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර රුසියානු සෙබලුන් ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට දේශ සීමා වෙත කැඳවා ඇත.