28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුපියල් මිලියන 8400ක ජල බිල් ගෙවා නැහැ

රුපියල් මිලියන 8400ක ජල බිල් ගෙවා නැහැ

ජල බිල්පත් ගෙවීම 40%ක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි.

ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින්. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි.

මේ අතර විදුලි බිල යළි ඉහළ දැමිමත් සමග ජල බිල යළි ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට යෝජනාවලියක් සකස් කරමින් සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.