27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තු 8 වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක්

මාර්තු 8 වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව මාර්තු මස 8 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

පෙරේදා (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් පසුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි වෘත්තීයවේදීහු මෙම සන්ධානයට එක්ව සිටිති. සියලු ක්ෂේත්‍රවල වෙනත් වෘත්තීය සංගම් විසින් මාර්තු මස පළමුවැනිදා ක්‍රියාත්මක කරනු ලබන එක් දින සංකේත වැඩවර්ජනයටද මෙම සන්ධානය එක් වෙයි.