28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිතුරා සමඟ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

මිතුරා සමඟ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

මිතුරෙකු සමඟ නානුඔය – ඩෙස්පොඩ් ඇලේ දිය නෑමට ගිය තරුණයෙකු එහි ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව නානුඔය පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය – ඩෙස්පොඩ් වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ. කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි මෙම තරුණයා සිය නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ මිතුරෙකු සමඟ ඊයේ (26) පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියේ ගිලීමෙන් අතුරුදන් වූ තරුණයා සොයා එම වතුයායේ කම්කරුවන් දැඩි උත්සාහයක නිරත වුවත් එය සාර්ථක වී නැහැ. පසුව නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරින් විසින් තරුණයාගේ සිරුර එම ඇලේ අඩි 10 පමණ ගැඹුරෙහි තිබී ගොඩගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.