― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනිද්දා සිට සංචාරකයන්ගේ ආරක්ෂාවට ජංගම යෙදවුමක්

අනිද්දා සිට සංචාරකයන්ගේ ආරක්ෂාවට ජංගම යෙදවුමක්

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්තු 1 වැනිදා සිට ජංගම යෙදවුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙම පියවර ගෙන ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සංචාරකයින්ට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ලද පැමිණිලි හේතුවෙන් බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව ත්‍රිරෝද රථ ලියාපදිංචි කර කේතයක් ලබා දී සංචාරකයින්ට ඔවුන් ගමන් ගන්නා වාහනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකි පරිදි මෙම ජංගම යෙදවුම නිර්මාණය කෙරෙනු ඇති.