28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභූකම්පනයෙන් මෙරටට ඇති බලපෑම ගැන විශේෂ සාකච්ඡාවක්

භූකම්පනයෙන් මෙරටට ඇති බලපෑම ගැන විශේෂ සාකච්ඡාවක්

හිමාලය හෝ ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදුවිය හැකි බවට සිදුකරන උපකල්පන මත මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට විශේෂඥ කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (27) පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් එක්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ ඒකක 08 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක බලපෑම නුදුරු අනාගතයේදී එල්ල විය හැකි බවට භූගර්භ විද්‍යාඥයින් පසුගිය දා අනතුරු ඇඟවීමක් සිදුකළා.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට ද බලපෑම් එල්ල වනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවා තිබුණේ.