25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුනායක පොලීසියේදී පාතාල සාමාජිකයා බේරාගත් හිමිවරු අත්අඩංගුවට

කටුනායක පොලීසියේදී පාතාල සාමාජිකයා බේරාගත් හිමිවරු අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරු මුදාගෙන රැගෙන ගිය බව කියන හිමිවරුන් දෙදෙනා හා මෝටර් රථ රියදුරු හෙට්ටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කියයි.

සැකකාර හිමිවරුන් එම සිද්ධියට පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය විහාරයක විහාරාධිපති හිමි නමක ඇතුළු තිදෙනෙකි.

වයස අවුරුදු 11ක සාමණේර හිමි තම ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෝටර් රථය තුළ තිබී ඩුබායි රටට පලා යාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.