― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවන අලියාට තැබූ වෙඩිල්ල කාන්තාවකට වදියි

වන අලියාට තැබූ වෙඩිල්ල කාන්තාවකට වදියි

අරලගංවිල දම්මින්න  ප්‍රදේශයේ පුද්ගලයෙක් ⁣ඊයේ (26) පස්වරුවේ වල් අලියකුට තැබූ වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇය බරපතල තුවාල ලබා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ දම්මින්න හංදිය ගම ප්‍රදේශයෙන් පදිංචි  52 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.

 මෙම කාන්තාව  නිවස ආසන්නයේ සිටියදී  වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇති බවද පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුව ද සමග අත්අඩංගුවට ගෙන ඇත.