― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅම්බලන්ගොඩ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අද (28) පෙරවරුවේ අම්බලන්ගොඩ පොලිස් වසමේ රොන්නදූව, කුලීගොඩ ප්‍රදේශයේ කිඩෙල් පෙර පාසල ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩි කර තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වැඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීම සදහා ඨ්56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ, උස්මුදුලාව ප්‍රදේශයේ පදිංචි නාමල් සුදත්සිරි නැමති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අද (28) උදෑසන පානදුර – පින්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය තුළදීම ජීවිතක්ෂයට පත් වුණා.