ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබදව අද පෙරවරුවේ එක්තරා අඩවියක් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පොලිසිය පවසන්නේ එවැනි කිසිදු පුවතක් වාර්තා වී නොමැති බවත්, ඒ ආකාරයේ පරීක්ෂණයක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට නොමැති බවත්ය.
එමෙන්ම අදාළ පුවත සම්බන්ධයෙන් පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත.