29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප ගැන අලුත් තීරණයක්

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප ගැන අලුත් තීරණයක්

ඉදිරිකාලයේදී බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට සහ 2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය සේවයට බැඳීමෙන් පසු මූලික වැටුපෙන් 8% ක් හා සේවා යෝජකයාගේ දායකත්වයෙන් 12%ක් සහිතව ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිව තිබේ.

මෙහි අරමුණ වී ඇත්තේ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහා යම් ප්‍රතිලාභයක් සමඟ විශ්‍රාම වැටුපක් ලබාදීමයි.

එමගින් විශ්‍රාමිකයා රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් සහතික කිරීමට හැකිවන පරිදි මෙම ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට නියමිතය.