ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කර සියලුම බැංකුවල හෙට (01) දිනයේදී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කරනවා.
එමෙන්ම එම සංගමය නියෝජනය නොකරන බැංකුත් මෙම වර්ජනයට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි එහි සභාපති චන්න දිසානායක පැවසුවේ.
අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර අතර, එහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ හෙට (01) දිනයේදී දිවයිනේ සියලුම බැංකුවල බැංකු කටයුතු අකර්මණ්‍ය වන බවයි.
රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්ක කරන බව සඳහන් කළ සභාපතිවරයා, තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වර්ජනය සඳහා එක්වන බවයි පවසා සිටියේ.