27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැකි ඉක්මනින් මැතිවරණය පවත්වන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

තවදුරටත් ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය පවසයි.

ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති රොබර්ට් මෙනෙන්ඩෙස් සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ මැතිවරණය පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර එය ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක්” යනුවෙන් ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.