― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෙබනනයේ දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් හඳුනා ගැනීමට මහජන සහාය පතයි

ලෙබනනයේ දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් හඳුනා ගැනීමට මහජන සහාය පතයි

ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඥාතීන් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටිනවා.

ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මහත්මියගේ අභාවය ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට දන්වා ඇත්තේ.

විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කාන්තාව අද (01) ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ජයසූරියගේ ප්‍රියන්තිකා නිලකාන්ති මහත්මියගේ පහත තොරතුරු අමාත්‍යාංශය විසින් හෙළි කර තිබෙනවා.

ජාතික හැඳුනුම්පත් අංකය – 797631574v

විදේශ ගමන් බලපත්‍ර අංකය – N5758240

ලිපින – 117, යාය 06, වරාවැව, හලාවත සහ 247/3, හබරකඩ, හෝමාගම.

මියගිය අයගේ ඥාතීන් පිළිබඳ තොරතුරු දන්නා අයගෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සහය ලබාගැනීම වෙනුවෙන් ක්ෂණික දුරකථන අංක 011238836 / 0117711163 / 0112323015 හරහා හෝ [email protected] යන විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබාදෙන ලෙසටයි.