26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිකා රෝගීන්ගේ ගිණුම්වලින් ලක්ෂ 03ක් හොරකම් කරලා

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලින් ලක්ෂ 03ක් හොරකම් කරලා

පිළිකා රෝගීන් දෙදෙනෙකු රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ තුනකට මුදලක් වංචා කරන ලද තරුණයෙකුට බරපතළ වැඩසහිත සිර දඬුවමක් ‌නියම කර තිබේ.

හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය ඊයේ (01) නියෝග කළේ මරණයත් සමග සටන් වදින අහිංසක පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇති මුදල් වංචා කිරීම හේතුවෙන් විත්තිකරුට අදාළ දඬුවම් නියම කරන බවයි.

එම සිද්ධියෙන් අගතියට පත් පිළිකා රෝගීන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් එක්දහස් පන්සියක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ මහෙස්ත්‍රාත්වරයා වන්දි මුදලක් සහ දඩ මුදල් නොගෙවන්නේ නම අමතර මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

එරාවුර් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් එලීම් වසීමුල්ලා නමැති විත්තිකරුවෙකුට මෙලෙස දඬුවම් නියම කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මඟින් විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.