― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිනිඅවියක් සොරකම් කළ ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු 02ක් අත්අඩංගුවට

ගිනිඅවියක් සොරකම් කළ ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු 02ක් අත්අඩංගුවට

සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් ටී 56 ගිනි අවියක්, පතොරෙම් 60ක් සහ පතොරම් ගැබ් රඳවනයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 04 වැනිදා ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂක මුර කුටියේ රාජකාරි කර විවේකීව සිටි ගුවන් හමුදා සෙබලෙකු භාරයේ තිබූ මෙම ගිනි අවි සහ පතොරම් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනයේදී පතොරම් ගැබ් රඳවනය කඳවුර ආසන්නයේ තිබී සොයා ගැනීමට හැකි වී තිබේ.

සැකකාර ගුවන් සෙබලා ගුවන් හමුදා කඳවුරේදී සහ ඊට අධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු රිදීගම ප්‍රදේශයේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර ගුවන් හමුදා සෙබළා විසින් ගිනි අවියෙහි අංකය යන්ත්‍රයක් ආධාරයෙන් මකා දමා ඇති අතර එම ගිනි අවිය සහ සොරා ගන්නා ලද පතොරම් ගැබ් දෙකද ඔහුගේ නිවස ආසන්නයේ තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.