මාර්තු 4 වැනිදා කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට ජල කප්පාදුවක් ක්රියාත්මක කිරීමට නියමිතය.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ 04 වැනිදා පස්වරු 2 සිට පැය 24ක කාලයක් ජලය විසන්ධි වනු ඇති බවයි.
මේ අනුව කොළඹ 1 – 4 සහ 7 – 11, කඩුවෙල නගරය සහ ඒ අවට ප්රදේශ කොළොන්නාව නගර සභා බල ප්රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්රදේශවලට ජල සැපයුම් අත්හිටවෙනු ඇති.