28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2022 කොරෝනා අවසන් විය හැකි බවට ඉගියක්

2022 කොරෝනා අවසන් විය හැකි බවට ඉගියක්

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ව්‍යාප්තියෙන් පසු යුරෝපයේ කොරෝනා වසංගතය අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්‍ෂ වෛද්‍ය හාන්ස් ක්ලුග් පවසයි.

වැඩි පිරිසකට වෛරසය ආසාදනය වීම හා යුරෝපා කලාපයේ සෘතු වෙනස් වීම ඊට හේතුව බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

යුරෝප‍යේ රටවල් රැසකින් දෛනිකව ලක්‍ෂයකට අධික ආසාදිත පිරිසක් හඳුනා ගැනෙන අතර ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉතාලිය හා රුසියාව වසංගතයේ උච්චතම අවස්ථාව පසුකරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

විශාල පිරිසකට වෛරසය ආසාදනය වී‍මෙන් ස්වභාවිකව ඇති වන ප්‍රතිශක්තිකරණය හේතුවෙන්, වසංගතය අවසන් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරයි. කලාපයේ රටවල් සහ භූමි ප්‍රදේශ 53ක් ඊට අයත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.