― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෘත්තීය සමිති මාර්තු 08 වැනිදා අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි ?

වෘත්තීය සමිති මාර්තු 08 වැනිදා අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි ?

රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති වල එකමුතුවෙන් මාර්තු 08 වැනිදා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති සූදානම් වනවා.

ඊයේ (01) දිනයේ දි වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති එකමුතුව රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.පසුව ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන් රජයට සතියක කාලයක් ලබාදුන්නා.

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය දි අනතුරු ඇඟවීමක් සිදුකළේ සිය ඉල්ලිම් වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක් වුවහොත් ඉදිරියේ දි වර්ජනයකට එළැඹෙන බවටයි.