23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට බදු ප්‍රතිපත්තිය ගැන IMF ප්‍රකාශයක්

මෙරට බදු ප්‍රතිපත්තිය ගැන IMF ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එය අවශ්‍ය වී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවැරදි කිරීමට බවත් පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වා දී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බවත්ය.

එසේම මෙම ප්‍රතිසංස්කරණ මගින් ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කළ හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.