23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර කොමසාරිස්ගේ ලක්ෂ 07ක රන් භාණ්ඩ සොරාගෙන

බන්ධනාගාර කොමසාරිස්ගේ ලක්ෂ 07ක රන් භාණ්ඩ සොරාගෙන

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මැගසින් බන්ධනාගාරය තුළ එම නිල නිවස පිහිටා ඇති අතර ඔහුගේ බිරිඳ විසින් පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම නිල නිවස සුද්ධ පවිත්‍ර කිරීම සඳහා සිරකරුවන් යොදවනු ඇතැයි ද ආරංචි මාර්ග පවසනවා. පැමිණිල්ල සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.