― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු මුවදොර වෙරළ තීරයේ කැස්බෑ බිත්තර රැසක්

ගාලු මුවදොර වෙරළ තීරයේ කැස්බෑ බිත්තර රැසක්

පළමුවරට ගාලු මුවදොර වෙරළ තීරයෙන් කැස්බෑ බිත්තර 2,000ක් සොයා ගෙන තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සහ පරිසර පොලිසිය එක්ව මෙම කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් යොදා තිබූ අතර අද වන විට කැස්බෑවුන් පැටව්න් රැසක්ම එම ස්ථානයේ ආරක්ෂාකාරීව සිටිනවා.

ඒ අනුව රාත්‍රී කාලයේ දී මෙම වෙරළ තීරයට ජනතාවට ඇතුළුවීම පරිසර පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් වළක්වා ඇති බවයි වාර්තා වුණේ.

එම ප්‍රදේශය රාත්‍රී කාලයේ කැස්බෑවුන් පැමිණෙන ප්‍රදේශයක් ලෙස නම් කරමින්, නාවික හමුදාව ද ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.