33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනානුඔය බස් අනතුරින් මිය ගිය අයගේ පවුල්වලට තර්ස්ටන් විද්‍යාලයෙන් මුදල් පරිත්‍යාග

නානුඔය බස් අනතුරින් මිය ගිය අයගේ පවුල්වලට තර්ස්ටන් විද්‍යාලයෙන් මුදල් පරිත්‍යාග

පසුගිය ජනවාරි මස 20 දින නුවරඑළිය නානුඔය රැදල්ල කෙටි මාර්ගයේ සිදුවූ අනතුරින් ජීවිත හානි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට තර්ස්ටන් විද්‍යාලය මගින් මූල්‍යම පරිත්‍යාගයන් සිදු කිරීම අද නුවරඑළි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී සිදු කෙරුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් හා තුවාල ලබා දැනට නුවරඑළිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 8ක ස්ථාවර තැන්පතුවක් මෙන්ම මිය ගිය අයගේ පින්කම් කටයුතු සඳහා වෙනම මූල්‍ය ආධාර ද ලබාදීමට යි එහිදී කටයුතු කටයුතු කර ඇත්තේ.

මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ, විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය හා සංවර්ධන සමිති නිලධාරීන්, නුවරඑළිය හා නානුඔය පොලිසිය ස්ථානාධිපතිවරුන් සහ මියගිය අයගේ පවුලේ සාමාජිකයන් සහභාගී වී සිටියා.

මෙම අනතුරින් හැටන් දික්ඔය ප්‍රදේශයේ එකම පවුලේ 05 දෙනෙකු , නානුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ත්‍රී රෝද රථ රියදුරෙක් සහ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වෑන් රථ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ චාරිකාවක පැමිණ ආපසු කොළඹ දක්වා යන අවස්ථාවේ දීයි එම ළමුන් ගමන් ගත් බස් රථයේ හදිසියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙනුයි මෙම අනතුර සිදු වී තිබුණේ.