29.2 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුද්‍රා තැබූ බිත්තර ගබඩාවක් යළි විවෘත කරන ලෙස අධිකරණ නියෝගයක්

මුද්‍රා තැබූ බිත්තර ගබඩාවක් යළි විවෘත කරන ලෙස අධිකරණ නියෝගයක්

පාරිභෝගික අධිකාරිය මුද්‍රා තැබූ ජා-ඇළ දඩුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවක් යළි විවෘත කර එහි හිමිකරුට භාර දෙන ලෙසට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය අදාළ ගබඩාවට මුද්‍රා තැබුවේ බිත්තර සඟවා ඒවා වැඩි මිලට අලෙවි කරන බවට පවසමින්.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇළ පොලිසිය සහ පාරිභෝගික අධිකාරිය අද (03) අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

එහිදි විනිසුරුවරයා නියෝග කළේ අදාළ බිත්තර ගබඩාවේ මුද්‍රා ඉවත් කර එම බිත්තර කොගය එහි හිමිකරුට යළි ලබා දෙන ලෙසයි.
ඔහු සමාගම් වෙත බිත්තර අලෙවිකර ඇති බව එහිදි ප්‍රකාශ වුණා.

ඒ අනුව අද (03) පස්වරුවේ ජා ඇළ පොලිසිය අදාළ බිත්තර ගබඩාවේ මුද්‍රා ඉවත් කර තිබෙනවා.