― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදේශීය ටින් මාළු සඳහා SLS ලාංඡනය අනිවාර්ය කෙරේ

දේශීය ටින් මාළු සඳහා SLS ලාංඡනය අනිවාර්ය කෙරේ

ප්‍රමිතිය සහතික කෙරෙන SLS ලාංඡනය නොමැති දේශීය නිෂ්පාදිත ටින් මාළු සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් යොමු කරන ලෙසට පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජනතාවට දැනුම් දෙනවා.

SLS ලාංඡනය නොමැති දේශීය නිෂ්පාදිත ටින් මාළු සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යොමු කළ හැකි අතර SLS ලාංඡනය ලබාදී ඇති ටින් මාළුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතී නම් එම පැමිණිලි ප්‍රමිති ආයතනය වෙත ඍජුවම යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රෙගුලාසිවලට අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වෙළඳ පොලට නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය අනිවාර්ය බවයි.

ආනයනික ටින් මාළු සඳහා SLS ලාංඡනය අනිවාර්ය නොවුන ද එම ආනයනික ටින් මාළු වරාය රේගු නිෂ්කාශනයට පෙර නිසි ගුණාත්මක ප්‍රමිතිය යටතේ ඇත්දැයි ප්‍රමිති ආයතනය මගින් විද්‍යාගාර පරීක්ෂාවකට භාජනය කරනු ලබනවා.

අදාළ ටින් මාළු රේගු නිෂ්කාශනය සඳහා අනුමැතිය ලබා දෙනු ලබන්නේ එම පරීක්ෂණයේදී අදාළ ටින් මාළු නිසි ප්‍රමිතියට පවතින්නේ නම් පමණයි.