― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසොරකම් කළ යතුරුපැදියක් අලෙවි කර මත්ද්‍රව්‍ය ලබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

සොරකම් කළ යතුරුපැදියක් අලෙවි කර මත්ද්‍රව්‍ය ලබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යතුරුපැදියක් සොරාගෙන එය හෙරොයින් පැකට් හතරකට අලෙවි කිරීමට සම්බන්ධ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් පැකට් ලබාදී යතුරුපැදිය ලබාගත් සැකකරු ද මේ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් දිවුලපිටිය, බටේපොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

යතුරුපැදිය ලබා ගත් සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5800ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

කටාන, තැඹිලි වත්ත ප්‍රදේශයෙන් යතුරු පැදියක් සොරා ගත් ප්‍රධාන සැකකරු හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින සහ හෙරොයින් අලෙවි කරන සැකකරුට එම යතුරුපැදිය ලබාදී හෙරොයින් පැකට් 4 ක් ලබාගෙන ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

යතුරුපැදිය ලබා ගත් සැකකරු හෙරොයින් අලෙවිය සඳහා පල්ලෙවෙල ප්‍රදේශයට ගිය අවස්ථාවක අනතුරකට ලක් වී ඇති අතර ඔහු යතුරුපැදිය අතහැර දමා පළා ගොස් ඇති බව සඳහන්.

දිවුලපිටිය ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයෙන් පසු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කටාන පොලිස් වසමින් සොරා ගත් යතුරු පැදිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

කටාන පොලිසියේ නිලධාරීන් ද අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම සැකකරු ලබන 8 වෙනිදාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

එම ඉල්ලීම මත සැකකරු ලබන 08 වනදා මීගමුව අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අද වැඩිදුරටත් නියෝග කළා.