28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැතිගේ බැංකු ගිණුමට විද්ද ලේකම්වරයා

අගමැතිගේ බැංකු ගිණුමට විද්ද ලේකම්වරයා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ උදිත ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍යවරයාට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය පරීක්ෂණයක් පැවැත්වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ව්‍යාජ අත්සනක් මගින් සකස් කරගත් ස්වයංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට වැටුප් ලබාදෙන ගිණුමෙන් රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වංචා කර ඇතැයි මේ වනවිට තහවුරු වී ඇත.

මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මෙම ගිණුමෙහි තැම්පත් කර ඇති අතර මහින්ද රාජපක්ෂගේ ගිණුමෙන් මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් වරින් වර මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

එම ගිණුමට අදාළව නිකුත් කර තිබූ ATM කාඩ් පත තිබී ඇත්තේ උදිත් ලොකුබණ්ඩාර සතුව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

2015 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරායට පත්වූ පසුවද උදිත ලොකු බණ්ඩාර මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. එමෙන්ම උදිත ලොකු බණ්ඩාර මෙරට විසූ කීර්තිමත් දේශපාලඥයෙකු වන වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුත්‍රයාය.