27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණ්ඩ 225 සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

උණ්ඩ 225 සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් බළපිටිය ප්‍රදේශයේ සිදු කරනලද වැටලිමකදි මිලි මිටර් 09 පතරොම් 225ක් ,ජංගම දුරකතනයක් සහ පෙන් ඩ්‍රයිව් එකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය දුම්රිය ‍පොල පාර පදිංචි 50 හැවිරිදි සංචාරක ව්‍යාපාරිකයෙකි.

සැකකරු සංචාරකයන් සඳහා බෝට්ටු සේවාවක් සහ ආපන ශාලාවක් පවත්වා ගෙන යනු ලබන අතර එම ව්‍යාපාරික ස්ථානයේ පිටුපස වල දමා තිබියදි මෙම පතරොම් තොගය සොයාගෙන ඇත.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.