― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඔඩෙසි දුම්රිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමති බන්දුල පොලිස්පතිගෙන් ඉල්ලයි

ඔඩෙසි දුම්රිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමති බන්දුල පොලිස්පතිගෙන් ඉල්ලයි

‘ඇල්ල ඔඩිසි’දුම්රියේ ප්‍රවේශපත් පෞද්ගලික ආයතනයක් අන්තර්ජාලය හරහා අලෙවි කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ‘සීතාවක ඔඩිසි’ දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ නොකිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව ද පරීක්ෂණයක් සිදුකරන් ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ.

‘ඇල්ල ඔඩිසි’ දුම්රියෙන් ගමන් ගන්නා මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 99.99 ක් හෙවත් රුපියල් 36,000ක් අයකර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍රයක් අළෙවි කිරීමට උත්සාහ කරන බවත් තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර සෑම සති අන්තයකම ඉරිදා දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00ට ගමන් ආරම්භ කිරීමට නියමිත ‘සීතාවක ඔඩිසි’ දුම්රිය නියමිත වේලාවට ධාවනය නොවීමට කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට අමාත්‍යවරයා මෙලෙස පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්නගෙන් ඉල්ලා ඇත්තේ.