― political ―

රනිල් නත්තල් සීයා වගේ පොරොන්දු දිදී යනවා – තිස්ස

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ නත්තල් සීයා වගේ එක එක දේවල් දෙනවා කියා පොරොන්දු දිදී යන බවත් සමගි...
HomeHot Newsපැතිර යන රෝගී තත්ත්වයක් නිසා කිලිනොච්චියේ ගවයින් රැසකට ජීවිත අහිමි වෙයි

පැතිර යන රෝගී තත්ත්වයක් නිසා කිලිනොච්චියේ ගවයින් රැසකට ජීවිත අහිමි වෙයි

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මේ දිනවල ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ගවයින් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ගව පාලනයේ යෙදෙනෙ ගොවිජනතාව පැවසුවේ ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි හටගැනීමෙන් පසු ඒවා පුපුරා ගොස් තුවාල සිදුවී ඇතැම් ගවයින් මෙලෙස මිය යන බවයි.

දිස්ත්‍රික් පශූ වෛද්‍ය නිළධාරීන් ගොවි ජනතාවට මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ගවයින්ට හටගන්නා පැපොල රෝගී තත්ත්වයක් දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මේ අතර ගවයින් අතර පැතිර යන මෙම රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධ පශූ වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත්ව නොමැති බව ද එම නිලධාරීන් පවසනවා.

මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවගොත් ඊට ගොඳුරුවන ගවයින් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් මියයන ගවයින් සංඛ්‍යාව ද ඉහළ යා හැකි බවයි ගොවි ජනතාව පවසන්නේ.